Posts

ඔබ යම් ඖෂධක් ගැනීමේදී දැනගත යුතු කරුණු කිහිපයක් උදාහරණයක් ලෙස අපි නිතර භාවිතාකරන පැරසිටමෝල් ගමු. පැරසිටමෝල් කියන්නේ වේදනා නාශක ඖෂධයක් වන අතර, එය එම ඖෂධයේ ඖෂධීය නාමය වේ. ඕනෑම ඖෂධයකට එම ඖෂධ හැදින්වීම සදහා ඖෂධීය නාමයක් ඇත. ලෝකයේ තිබෙන සෑම ඖෂධයක්ම හදුන්වනු ලබන්නේ එම ඖෂධීය නාමයෙනි. පැරසිටමෝල් ඖෂධයට නොයෙකුත් වෙළෙද නාම තිබේ. උදාහරණයක් ලෙස අපි පැනඩෝල් යනුවෙන් හදුන්වන්නේ එක් වෙළෙඳ නාමයකට ය. ඊට අමතරව ලෝකයේ Paramol, Maxmol, Paracetol, Astamol, Pyrol යනා දී වශයෙන් පැරසිටමෝල් ඖෂධයෙහි වෙළෙදනාම 40 පමණ ප්‍රමාණයක් පවතී. ඕනෑම රෝගියෙක් තමන් ගන්නා ඖෂධයේ ඖෂධීය නාමයෙන් දැනගෙන සිටිම ඉතාමත් වැදගත් වේ. 😲 ☝ ✋ 😳 ඖෂධ භාවිතා කිරීමේ දී රෝගීන් විසින් මතක තබා ගත යුත්තේ මොනවාද?   😲   ☝   ✋   😳 මෙහිදී පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු පහක් බලමු. 1. ඖෂධ වර්ගයේ නම කුමක්ද? 2. එම ඖෂධය ගන්නේ කුමක් සඳහා ද? 3. එම ඖෂධය ගන්නා මාත්‍රාව කොපමණද ? 4. එම ඖෂධය දිනකට කී වරක් ගත යුතු ද? 5. එම ඖෂධය ගැනීමේ දී පිළිපැඳිය යුතු අනෙකුත් උපදෙස් මොනවාද? මිට අමතරව එම ඖෂධය ගැනීමෙන් ඇ...