ඔබ යම් ඖෂධක් ගැනීමේදී දැනගත යුතු කරුණු කිහිපයක්
උදාහරණයක් ලෙස අපි නිතර භාවිතාකරන පැරසිටමෝල් ගමු. පැරසිටමෝල් කියන්නේ වේදනා නාශක ඖෂධයක් වන අතර, එය එම ඖෂධයේ ඖෂධීය නාමය වේ. ඕනෑම ඖෂධයකට එම ඖෂධ හැදින්වීම සදහා ඖෂධීය නාමයක් ඇත.ලෝකයේ තිබෙන සෑම ඖෂධයක්ම හදුන්වනු ලබන්නේ එම ඖෂධීය නාමයෙනි.
පැරසිටමෝල් ඖෂධයට නොයෙකුත් වෙළෙද නාම තිබේ. උදාහරණයක් ලෙස අපි පැනඩෝල් යනුවෙන් හදුන්වන්නේ එක් වෙළෙඳ නාමයකට ය. ඊට අමතරව ලෝකයේ Paramol, Maxmol, Paracetol, Astamol, Pyrol යනා දී වශයෙන් පැරසිටමෝල් ඖෂධයෙහි වෙළෙදනාම 40 පමණ ප්‍රමාණයක් පවතී. ඕනෑම රෝගියෙක් තමන් ගන්නා ඖෂධයේ ඖෂධීය නාමයෙන් දැනගෙන සිටිම ඉතාමත් වැදගත් වේ.
😲 ☝ ✋ 😳 ඖෂධ භාවිතා කිරීමේ දී රෝගීන් විසින් මතක තබා ගත යුත්තේ මොනවාද? 😲 ☝ ✋ 😳
මෙහිදී පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු පහක් බලමු.
1. ඖෂධ වර්ගයේ නම කුමක්ද?
2. එම ඖෂධය ගන්නේ කුමක් සඳහා ද?
3. එම ඖෂධය ගන්නා මාත්‍රාව කොපමණද ?
4. එම ඖෂධය දිනකට කී වරක් ගත යුතු ද?
5. එම ඖෂධය ගැනීමේ දී පිළිපැඳිය යුතු අනෙකුත් උපදෙස් මොනවාද?
මිට අමතරව එම ඖෂධය ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ, ඒවගේම එම ඖෂධය ගබඩා කර තබා ගත යුතු ආකාරය (එය ශීතකරණයෙහි දැමිය යුතු ද? නැද්ද), එමෙන් ම එම ඖෂධය කොපමණ කාලයක් භාවිතා කළ යුතු ද? ඒවගේම දිගු කාලීනව ගන්නා ඖෂධ නිසි අධීක්ෂණයකින් යුක්තව ගත යුත්තේ කෙසේ ද? යන කරුණු ඖෂධ භාවිතා කරන රෝගීන් පෙර සදහන් කරුණුවලට අමතරව දැන සීටීම වැදගත් වේ.
අපි බලමු දියවැඩියාව සඳහා ගන්නා Metformin ඖෂධය ගැන
දියවැඩියාව ඇති රෝගියකු Metformin ගත යුත්තේ එක පෙත්තක් වශයෙන් නොව 500 mg, 750 mg, 850 mg, 1000 mg යනා දී වශයෙන් ඖෂධ ගත යුතු මාත්‍රාව දැනගැනීම ඉතාමත් වැදගත් ය. ඒ වගේම එම ඖෂධය දවසට 2 වරක් ද , එසේත් නැතිනම් පැය 8 කට වරක් ද යන්න පිළිබදව ද දැනගත යුතු ය.
ඒ වාගේ ම ඖෂධ භාවිතා කරන්නේ කෑමට පෙර ද පසු ද, එසේත් නැත්නම් හිස්බඩ ද යන්න අවදානය යොමු කළ යුතු ය.
😲 ☝ පැරසිටමෝල් නිසි පරිදි භාවිතා කරන්නේ කෙසේ ද? ✋ 😳
මෙය උණ, හිසරදය වැනි තත්වයන් හිදී භාවිතා කිරීමට පුළුවන. උණ අඩු කර ගැනීම සඳහා පැරසිටමොල් රෝගීන් සඳහා දෙනු ලබයි.
වැඩිහිටියකුට එකවර (500 mg) පෙති දෙක බැගින් දවසකට තුන් වරක් පැරසිටමෝල් භාවිතා කළ යුතු ය. ඒ වාගේ ම අධික උණ, හෝ දැඩි ඇඟ පතෙහි වේදනාවට වරක් ඖෂධ රැගෙන අඩු නොවු අවස්ථාවලදී පැරසිටමොල් කලින් මාත්‍රාවම පෙති 2 බැගින් පැය 6 කට වරක් භාවිතා කළ හැක. එක් වරක් පැරසිටමොල් එම මාත්‍රාව ගෙන පැය 6 ක් ගත වීමට පෙර නැවත එම මාත්‍රාව ගැනීම නොකළ යුතු ය. එසේ නොවීම සඳහා රෝගීන් නිසි අවධාණයෙන් සිටිය යුතු ය.
කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබා දෙනු ලබන්නේ දරුවාගේ බර අනුව ය. බර කිලෝ ග්‍රෑම් 1 කට මිලි ග්‍රෑම් 15 ක් වන පරිදි, කිලෝ ග්‍රෑම් 20 ක් බර දරුවකුට මිලි ග්‍රෑම් 300 ක් අඩංගු පැරසිටමෝල් ලබා දිය යුතු ය. මෙවැනි අවස්ථාවක දී එක් පැරසිටමෝල් පෙත්තක මිලි ග්‍රෑම් 500 ක් අඩංගු වන නිසා දරුවකුට ලබා දෙන්නේ පැරසිටමෝල් පෙත්තෙන් භාගයක් වැනි ප්‍රමාණයකි.
බොහෝ අවස්ථාවල එම නිසා කුඩා දරුවන්ට පැරසිටමොල් පෙති වෙනුවට සිරප් එක ලබා දෙනු ලබයි. දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශවයම පැරසිටමෝල් භාවිතා කිරීමේ දී වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් වේ.
එමෙන් ම උණ, හිසරදය, ඇග පතෙහි වේදනාව වැනි තත්වයන්වලට Paramol, Maxmol, Paracetol, Astamol, Pyrol ඖෂධ ගන්නා අවස්ථාවේදී නැවත රෝගය අඩුනොවිම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට යාමේදී එම බෙහෙත් රැගෙන ගොස් වෛද්‍යවරයාට පෙන්වන්න. එසේ නොමැති උවහොත් වෛද්‍යවරයා ඔබට තවත් පැරසිටමෝල් ගැනීමට නියම කිරීමට පුළුවන. එවිට පැරසිටමොල් ප්‍රමාණය වැඩි වී අක්මාවට හානි විය හැකි ය. එසේ නොදැනුවත් ව හෝ අධික ලෙස පැරසිටමෝල් ගැනීමෙන් ජීවිතය පවා හානි විය හැකි ය.
අක්මාවට දැඩි බලපෑමක් විය හැකියි. අක්මාවට හානි සිදු වී එහි ක්‍රීයාකාරීත්වය අඩු වී අකර්මණ්‍ය වන්නට පුළුවන. ඒ වාගේ ම වකුගඩුවලටත් හානි වීමට පුළුවන. සුරක්ෂිත ඖෂධයක් වුවත් ඕනෑම පුද්ගලයෙකු පැරසිටමෝල් භාවිතා කිරීමේ දී පැය 6 කට වරක් පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතු වේ. එක් වරක් පැරසිටමෝල් භාවිතා කර පැය 6 ක් ගත වීමට පෙර යළිත් භාවිතා කළහොත් අධි මාත්‍රාවක් දින දෙක තුනක් ඇතුලත ශරීරයට එකතුවීම නිසා ජීවිත හානියක් පවා සිදුවිය හැකි ය. ඒ සදහා උදාහරණක් ලෙස මිග්‍රේන් රෝගය තිබු පුද්ගලයෙක් පැය 2-3 කට වරක් නැවත නැවත ඒ පරිදිම පැරසිටමෝල් භාවිතා කිරීමෙන් මරණයට පත් වු අවස්ථාවක් වාර්තා වී ඇත.
ශරීරයේ වේදනාව සහ තද උණ තත්වය අඩු කිරීම මෙන් ම හිසරදය සඳහා වේදනා නාශකයක් වශයෙන් පැරසිටමෝල් ඖෂධය භාවිතයට ගැනීමට පුළුවන.
ඩෙංගු රෝගය වැළදී ඇති රෝගියෙකුට අධික උණ ගතිය, හිසරදය, ඇඟපතෙහි වේදනාව වැනි රෝග ලක්ෂණ සඳහා පැරසිටමෝල් ඖෂධය දෙනු ලබයි.
මීට අමතරව වේදනා නාශක ඖෂධ ලෙස NSAID (Non Steroidal Anti Inflammatory Drugs) ඖෂධ කාණ්ඩයට අයත් වන ඖෂධ බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ කාණ්ඩයට අයත් වන වේදනා නාශක ඖෂධ අතරින් කිහිපයක් පමණක් Aspirin, Ibuprofen, Diclofenac, Piroxicam, Mefenamic acid යනාදී වශයෙන් හදුන්වා දීමට පුළුවන.
NSAID කාණ්ඩයේ වේදනා නාශක ඖෂධ මඟින් ආමාශයේ තුවාල ඇතිවීමට හැකිවන බැවින් එහිදී ඩෙංගු රෝගියාගේ ලේ වහනයක් සිදුවිය හැක. ඊට අමතරව ඩෙංගු වැළදුණු රෝගියෙකුගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවේ. ඒසේ වු විට ලේ කැටි ගැසීම වැනි තත්වය තවත් උග්‍ර විය හැකි ය. NSAID කාණ්ඩයේ වේදනා නාශක ඖෂධ මඟින් ලේ ගැලීමේ තත්වය වර්ධනය වීමේ අවධානම නිසා ඩෙංගු රෝගීන් සඳහා පැරසිටමෝල් වේදනා නාශක ඖෂධය පමණක් ගැනීම සුදුසු යැයි නිර්දේශ කර තිබේ.
පැරසිටමෝල් නමැති වේදනා නාශක ඖෂධය ඕනෑම කෙනෙකුට ඖෂධාගාරයකින් මිල දී ගැනීමට පුළුවන. එසේ වුව ද වේදනා නාශක ඖශධ නිසි ලෙස භාවිතා කළ යුතු අකාරය දැනගෙන පමණක් මෙම ඖෂධ භාවිතා කළ යුතු ය. එමෙන්ම දීර්ඝ කාලීනව යම් පුද්ගලයෙකුට වේදනාකාරී තත්වයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යහපත් ය.
පැරසිටමොල් අනෙක් ඖෂධ සමඟ දැඩි අන්තර් ක්‍රීයාවක් සිදු නොකරයි. ඒ නිසා දීර්ඝ කාලීනව බෙහෙත් භාවිතා කරන රෝගීයෙකුට තම වේදනාවන් සමනය කර ගැනීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීමේන් එතරම් ගැටලුවක් ඇති නොවේ.
කොත්තමල්ලි ආයුර්වේද බෙහෙතක් ලෙස හැඳින්විය හැකි ය. ඊට අමතරව අපි නිතර කොත්තමල්ලි ආහාර රසවත් කරගැනීමට තුනපහ ලෙස පාවිච්චි කරන දෙයක්. ඒ හේතුවෙන් කොත්තමල්ලි සමඟ පැරසිටමෝල් භාවිතා කිරීමෙන් වරදක් සිදු නොවේ. උණ සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳුණු අවස්ථාවක බොහෝ විට රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු නොලැබේ. එසේ ලබා නොදෙන්නේ එම රෝගී තත්වයන් වෛරසයක් මඟින් වැළදෙන රෝග නිසාවෙන්. ඒ හේතුවෙන් උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝගී තත්වයන්ගෙන් යුක්ත පුද්ගලයින්ට කොත්තමල්ලි සමඟ පැරසිටමෝල් භාවිතා කිරීමෙන් කිසිම අතුරු ආබාදයක් සිදුනොවේ.
Comments
Post a Comment